BREAKING NEWS
Search

දෙවෙනි මනාපෙට අමතර වියදමක්

52

ජනාධිපතිවරණයේ  දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම  සිදුවන බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ආහාර සහ වෙනත් පහසුකම් සැපයීම වෙනුවෙන්   මෙසේ අමතර මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ගණනය කිරීමට සිදු වෙතැයි විශ්වාස   කළ හෙයින් ඒ සඳහා සියලු කටයුතු සූදානම් කෙරුණු  බව කොමිෂන් සභාව පවසයි.

පළමු ඡන්ද  ගණනයෙන්    නිලධාරීන්  බහුතර පිරිසක්  නිවෙස් වලට පිටත් කර යවා සෙසු නිලධාරීන් දෙවෙනි මනාපය ගණනය සඳහා ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවල රඳවා ගත්  බව   කොමිෂන්  සභා ආරංචි මාර්ග සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *