BREAKING NEWS
Search

කිං ඛාන් වත් පසු කරමින් තලපති විජේ තැබූ අදහා ගත නොහැකි වාර්තාව මෙන්න

10782

ෂාරුක් ඛාන් පසුකර යමින් එක් චිත්‍රපටයක් සඳහා වැඩිම වැටුපක් ලැබූ ඉන්දීය නළුවා වීමට කොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවකු වන විජෙයි සමත්වී ඇත.

විජෙයිගේ මීළඟ චිත්‍රපටය වන “තලපති 69” සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටි 275 ක මුදලක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 990 ක් පමණ) වැටුපක් ලබා ඇතැයි පැවැසෙයි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිවේ බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ෂාරුක් ඛාන් වන අතර ඔහු මීට පෙර එක් ච්ත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 250 ක වැටුපක් ලබාගෙන තිබිණි.

එසේම තවත් සුපිරි නළුවකු වන රජිනිකාන්ත් එක් චිත්‍රපටයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 220 ක වැටුපක් ලබා ගනිමින් මීට පෙර එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවිය. විජේ දේශපාලනය එළැඹීමට පෙර රංගනයෙන් දායකවන අවසාන චිත්‍රපටය වීමත් මෑතකදී විජේ රඟපෑ ච්ත්‍රපට සියල්ලම පාහේ අතිසාර්ථක වීමත් හේතුවෙන් මේසා විශාල මුදලක් “තලපති 69” චිත්‍රපටය සඳහා අයකර ඇතැයි පැවැසෙයි.

“තලපති 69” චිත්‍රපටය පළමු සති අන්තයේදී ඉන්දීය රුපියල් කෝටි 13.5 ක ආදායමක් ඉන්දියාව තුළ ලබා ගනු ඇතැයි අපේක්ෂා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *