ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවෙලා -ඒ සම්බන්ධව විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

194

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීම සම්බන්ධව අද විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ ඇති සෙසු ප්‍රශ්න 37 සලකා බලා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙම ප්‍රශ්න 03 පිටවීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවද කීවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *