සමගි ජන බලවේගයේ අත්පත්‍රිකාවක් භාර ගැනිම ප්‍රතික්ෂේප කළ මාලිමාවේ ආධාරකරුවෙකුට සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා විසින් පහර දෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.
නාවලපිටිය නගර මධ්‍යයේ ඔරලෝසු අලුත්වැඩියා කරන වෙලදසැලේ හිමිකරුගේ පුත්‍රයාට මෙසේ පහර දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායකවරයා ඇතුළු ආධාරකරුවන් පිරිසක් සමග එම වෙලදසැල තුළට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී තිබෙනවා.
එම අවස්තාවේ අත්පත්‍රිකාව ලබා ගැනිම තරුණයා ප්‍රතික්ෂේප කිරිම නිසා එයට උරණ වු සංවිධායකවරයා තරුණයාට පහරක් එල්ල කර පසුව ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බව සඳහන්.
එම තරුණයාට පහරදීමෙන් අනතුරුව සංවිධායකවරයා සමග පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පහර කැමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලිසිය වෙත ඔහුගේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක් කර අද (16) දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
පහර කැමට ලක් වු තරුණයාගේ වෙලදසැල අද දින වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ



















