සුප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් ජීවිතක්ෂයට…

1754
ඔහුගේ මරණය තවමත් ඔහුට ආදරය කරන  අයට නම් අදහා ගන්න බැරුව ඇති..

මේ සුප්‍රසිද්ධ තාරකාවගෙ වියෝව මේ වෙද්දී බොහෝ විදෙස්මාධ්‍ය වාර්තා කර තිබෙනවා..

“Jackson 5″හි ආරම්භක සාමාජිකයෙකු වන ගායන ශිල්පී ටිටෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 70ක්..

එන්ටර්ටේන්මන්ට් ටුනයිට් හි මූලික වාර්තාවලට අනුව, ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු වන ස්ටීව් මැනින් හෙළි කළේ නිව් මෙක්සිකෝවේ සිට ඔක්ලහෝමා දක්වා රිය පැදවීමේදී ටිටෝට හෘදයාබාධයක් වැළඳී ඇති බවට විශ්වාස කරන බවයි..

නමුත්, මරණයට නිල හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..

ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස 1953 ඔක්තෝබර් 15 වන දින ඉන්දියානා හි ගැරී හි උපත ලැබූ ටිටෝ ජැක්සන් ඔහුගේ සහෝදරයන් වන මයිකල්, ජර්මේන්, මාලන් සහ ජැකී සමඟ එක්ව 1960 ගණන්වල ජැක්සන් 5 නිර්මාණය කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *