එම වෑන් රථයක් පැමිණි වේගයත් සමග වංගුව ගැනීමේදී එක්වරම ඊට ඉදිරියෙන් ඇති පොලිස් මාර්ග බාධකය නිරීක්ෂණය වීමත් සමඟ එහි ගැටීමෙන් සිදුවන්නට ගිය අනතුර රියැදුරා විසින් වළක්වාලීමට ගත් උත්සාහයකදී බාධකය පසුකරමින් ඉදිරියට පැමිණි ත්‍රීරෝද රථයක් හා ගැටීමෙන් රථ දෙකම ඉදිරියට ඇදීගොස් පෙරලී මෙසේ අනතුරට පත්ව ඇති බවටයි වාර්තා වෙන්නේ..
එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු හා වෑන් රථයේ පැමිණි රියැදුරා බරපතල තුවාල ලබා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා… කෙසේ වෙතත් මෙම වෑන් රථය ධාවනය කර ඇත්තේ කාන්තාවක් විසින්..

























