BREAKING NEWS
Search

බිබිල මහියංගනය මාර්ගයේ බිහිසුණු අනතුරක් – භික්ෂුන් වහසේලා පිරිසකට බරපතලයි

559

බිබිල මහියංගනය මාර්ගයේ හෑපොල ආසන්නයේ දී අද (15) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ ඇගලුම් කම්හලකට අයත් බස් රථයක් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් රැගැත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේලා බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *