BREAKING NEWS
Search

පතිකුලයට යන්න සිහින මැවූ ඇය, ඇසිල්ලකින් සිදුවූ මාරක අනතුරකින් නොයන ගමන් යයි…

427
මහියංගණය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් දම්බරාව, ඇලෑවේල ප්‍රදේශයේදී ඊයේ (14) සිදුවූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 24 හැවිරිදි තරුණිය අද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබු ත්‍රීරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා මහියංගණය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

එහිදී මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද, 12 කණුව, ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම් හිමන්ෂි සෙව්වන්දි නමැති අවිවාහක තරුණියක්.

මෙම අනතුරින් මියගිය තරුණිය විවාහ කරගැනීම සඳහා එම තරුණිය බැලීමට හෙට දිනයේ මනාල මහතෙකු එම නිවසට පැමිණීමට නියමිතව තිබුණු බවත්, එම අවස්ථාව සඳහා නිවසට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා තම පියා, මව සහ නැගණිය සමඟ මහියංගණය නගරයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී මෙලෙස මෙම අනතුරට අවාසනාවන්ත ලෙස මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබු අනෙක් තිදෙනාගේ තත්ත්වයද බරපතල බවත් 15 හැවිරිදි නැගණිය බදුල්ල මහා රෝහලට මරුකර යවා ඇතැයිද අප වාර්තාකරු සඳහන් කළා.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකරු කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *