BREAKING NEWS
Search

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

154

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු  සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය.

යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් ය.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *