BREAKING NEWS
Search

ගුරුවරියන් දෙදෙනෙක්ගෙන් පහර කෑ පාසල් සිසුවිය මාසයකට වැඩි කලක් දැඩි සත්කාර ඒකකයේ – ගුරුවරියන් දෙදෙනාට අද දුන් තීන්දුව මෙන්න

347

පාසල් සිසුවියකට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු අද (13) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ වෙන්නප්පුව නගරයට ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකි.

මේ අතර පහර කෑමට ලක්වූ සිසුවිය මාසයකට වැඩි කාලයක් කොළඹ  ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.

දැරියගේ තත්ත්වය පිළිබදව මේ දක්වා රෝහලේ බලධාරීන් කිසිවක් ප්‍රකාශ නොකළ බව දෙමාපියන් පැවසීය.

මෙම සිසුවියට ප්‍රතිකාර කිරීම සදහා  රුපියල් ලක්ෂ 3ක සානුකම්පිත දීමනාවක් ගෙවීමටත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරියන් ට නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *