BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට දුන් තීන්දුව

176

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12දෙනා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔවුන් අද (13) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් එම තීන්දුව ලබාදී ඇත.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය.

ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මඟින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත්තේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *