BREAKING NEWS
Search

හැමෝම බලාගෙන සිටි සුභ ආරංචිය මෙන්න – වාහන ආනයනයට අවසර

424

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.

රැකවරණ මධ්‍යස්ථානවලදී අපයෝජනයට ලක්වූ දරුවන් 400 කට වැඩි පිරිසක් මුදාගනී

මැලේසියාවේදී අපයෝජනයට ලක්වූ බාලවයස්කරුවන් හාරසිය දෙදෙනෙකු එරට පොලිසිය විසින් මුදාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම වාර්තා සඳහන් කර සිටියේ ළමා නිවාස 20ක සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙම දරුවන් මුදාගෙන ඇති බවය.

මෙම අපයෝජන සම්බන්ධයෙන් ඒවායේ භාරකරුවන් ඇතුළු සැකකරුවන් 171ක් අත්අඩංගුවට ගැනුනා.

කායික හිංසනයට හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට සැක කරන ළමයින් මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන් බේරාගත් පිරිසට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *