BREAKING NEWS
Search

ගවුමක් ඇන්දා නම් හොඳයි කිව්වා. අන්තිමේ ඒ කාටවත් කරන්න බැරි වැඩක් මම කළා…”: කොණ්ඩෙ නිසා අහන්න වුණු කතාවලට, තුසිත දුන්නු උත්තරේ

266

ආදරේට කවුරුත් ඔහුව හඳුනන්නෙ ‘ටිං ටිං’ නමින්. නමුත් සැබෑ නම තුසිත ධනුෂ්ක රණවීර.

නිතර නිතර නිර්මාණ ඔස්සේ දකින්න නොලැබුණාට, තුසිත එදා වගේම අදටත් ජනප්‍රිය නම් අතර රැඳිලා ඉන්නවා.

පහුගිය දවසක ඔහු හරි වටිනා වැඩ කටයුත්තක් කරලා තිබුණා. ඒ ඔහුගේ උපන්දිනය වෙනුවෙන්.

තුසිත පහුගිය කාලයේ ම උන්නෙ කොණ්ඩය දිගට වවාගෙන. ඔහු කියන හැටියට නම්, ඊට එල්ල වුණු විවේචන සහ ප්‍රතික්ෂේප වුණු අවස්ථා සෑහෙන්න.

Monara

එහෙම කොණ්ඩෙ වවපු ඔහු, උපන්දිනය දා සිය කොණ්ඩය පරිත්‍යාග කරලා තිබුණා.

ඒ, පිළිකා රෝගීන් වෙනුවෙන්…

”මගේ උපන්දිනය දවසේ මට කරන්න පුලුවන් වටිනාම දේ මං කලා…

අන්තීමේ මගේ බලාපොරෙත්තුව ඉෂ්ට උනා මගේ කොන්ඩෙන් හෙට දිනයේ පිලිකා රොගියෙක් සතුටු වෙයි

කොන්ඩය වවන්න තීරණය කරපු පළවෙනි දවසේ ඉඳන්ම වැව්වේ වවන්නේ මොකටද කියලා හිතේ තියාගෙන,

කොච්චර දෙවල් කොන්ඩෙ නිසා නැති උනත් එකම එක අරමුණයි තිබ්බෙ..

ටෙලි නාට්‍ටි , films , music videos මේ හැම දෙයකින්ම rejecte උනා කොන්ඩේ නිසා…

කොන්ඩේ කපන්න ඇහුවම මගේ උත්තරය උනේ බැ කියපු එක

රට්ටුගේ කතා

කෙල්ලෙක් වගේ කිව්වා

රැව්ල කැපුවනම් කැල්ල කිව්වා

පිටි පස්ස හැරිලම ඉන්නවනම් මොනාහරි කරන්න පුලුවන් කිව්වා

ගයත්ත්‍රී කිව්වා

p ඩයල් කිව්වා

ගව්මක් ඇන්දනම් හොදයි කිව්වා

තව කතා ගොඩයි

එක එකාගේ කතා මුකුත් වැඩක් නෑ මට කරන්න ඕනේ වුන දේ මම කලා…

අන්තීමේ ඒ එකෙක්වත් කරන්නෙවත් කරන්නවත් බැරි වැඩක් කරා

ඒ අයට සසර ගමන තව දුරයි

facebook keyboard වීරයන්ට හදපිරි උත්තමාචාරය සහා මෛත්‍රී කරමී”

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *