BREAKING NEWS
Search

මැතිවරණ ප්‍රචාරණයට දරුවන් යොදාගත්තොත් වෙන දේ මෙන්න

198

දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

“සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා ඒ් පිළිබඳව මෙලෙස අදහස් දක්වයි.

“කැන්වසින්වලට ළමයි පාවිච්චි කරනවා. ඇඩ්වලට කුඩා දරුවෝ පාවිච්චි කරනවා. දරුවන්ව දේශපාලන කටයුතුවලට යොදා ගන්න බෑ. ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කළා. කිසිම පියවරක් අරගෙන නෑ. ඒ් නිසා අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස.”

මේ අතර දරුවන් මැතිවරණ කටයුතු සඳහා එක්කර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා,

“කරුණාකරලා, පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කරගන්නේ නැතුව අනාගත පරම්පරාව, වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වගකීමක් තියෙනවා. ඒ වගේම මේවා දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයින්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දය මොන ආකාරයෙන් ද පාවිච්චි කරන්නේ කියලා හිතන්න. ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් මැදිහත් වෙලා ඒවා බලන එක. ඒක අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *