BREAKING NEWS
Search

රෑ දොළහ පහුවුණා… පාන්දර එක වුණා… හනිමූන් එකට ආපු මිනිහා අතුරුහන්… -කෝටිපතියෙක් බැදලා මධුසමයට ආයුබෝවන් කියලා හැරෙන තැපෑලෙන්ම ගෙදර ගිය මනාලිය…

12648

මේක අමුතුම වෙනස්ම විදියේ කතාවක්…

ඇය ජීවිතේ ලස්සනම දවස ගැන කියන්නයි මේ හදන්නෙ.

“ඒක ලස්සනම දවස නෙවෙයි. අවලස්සනම දවස….. කිවොත් හරි”

“බැන්ඳට පස්සෙ හනිමූන් එක තමයි කෙල්ලෙක්ගේ ලස්සනම හැඟීම… නෑ කියන්න බෑනේ. අවුරුදු විසි තුනක් තිස්සෙ පරිස්සම් කරපු දෙයක් ආසම කරන එකාට දෙන්නනේ හදන්නෙ. මම බැන්ඳේ කෝටිපතියෙක්ව. ඌට හෙලිකොප්ටර් පවා තියෙනවා. බෙන්ස් දෙකයි…. මේ ඔක්කොම උගෙ තාත්තගේ දේපල… ඌ කළෙත් තාත්තගේ බිස්නස්ම යි. මම ආවේ සැප විඳින්න. ඇත්ත ඕක.. කෙල්ලෙක්ගේ ජීවිතේ එකම හීනේ සැප විඳින එක.. සැප බලාගෙන ආපු ගමන මේ…”

“අන්තිමට වුණ දේ හිතාගන්න පුළුවන්ද ? මම කියන්නෙ හැම කෙල්ලෙකුටම මේවා හොඳ පාඩම්. මම බැන්ඳ මිනිහට තිබුණා සික්ස් පැක්. ඌ දවසින් භාගයක්ම ඉන්නෙ ජිම් එකේ. නළුවෙක් තරම් පට්ට ලස්සනයි. එදා ඌ හනිමූන් දවසේ හොටෙල් එකෙන් එළියේ යාලුවෝ එක්ක බොනවා. රෑ දොළහත් පහුවුණා… තාම නෑ… එකත් පහුවුණා… පාන්දර තුන වෙනකන් අර කාලකණ්ණි යාලුවෝ එක්ක බොනවා, බයිට් කනවා. ඔච්චරයි. අද බැන්ඳා, ගෑනි බලන් ඉන්නවා, ඒකිගේ පිරිසිදුකම නැති කරගන්න කියලා ඌට ගාණක් නෑ…”

“ඌ මාව මඟ හැරිය හේතුව පස්සෙ මම දැනගත්තා. ඌ ඇඟ පුම්බලා හිටියට ඌට ලිංගික සතුට විඳින්න බෑ. ඒකට පින නෑ. මොකද්දෝ හේතුවකට උගේ අවයව අඩපණයි. මම දන්නවා මිනිහෙක් ගැන වැරදි කියන එක වැරදියි. ඌ ලෝකෙට සල්ලාලයා, නළුවා වුණාට ඌ ඇත්තටම මුකුත් කරගන්න බැරි එකෙක්. මේක උගේ ළඟින් හිටපු ගොඩක් අය දැනන් හිටියා. ඌ මාව බැන්ඳෙත් ලෝකෙට පේන්න.. අනිත් දේ මම එච්චර ලස්සන කෙල්ලෙකුත් නෙවෙයිනේ. දන්නවා මම උගේ සල්ලි නිසා වහ වැටිලා හිටියේ..”
“ඒත් ඇත්තටම…. මම දැනගත්ත දේ… සල්ලි වලට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *