BREAKING NEWS
Search

බිත්තර හා කුකුළු මස් මිල අඩු වෙලා

2779

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇති බවත් දෛනික බිත්තර පරිභෝජනය ද ඊට සමාන ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් දෛනිකව රටට අවශ්‍ය බිත්තර සමස්ත ප්‍රමාණයම රට තුළ නිපදවීමට හැකිවී ඇති බැවින් අද වන විට බිත්තර මිල ගණන් අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට රට තුළ කුකුළු මස් අතිරික්ත නිෂ්පාදනයක් දක්වා වර්ධනය වී තිබෙන බව කී අමාත්‍යවරයා, දෛනික කුකුළු මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 500ක් පමණ වුවද, දෛනික කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළා.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 65ක් දක්වා වැඩි වූ බිත්තර මිල රුපියල් 38-42 දක්වා අඩුවීම මෙන්ම කුකුළු මස් කිලෝව රුපියල් 1750 සිට මේ වනවිට රුපියල් 850-975 දක්වා ප්‍රමාණයට අවම වී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *