BREAKING NEWS
Search

පොලිසියටත් පාට් දමා දළදා මැදුරේ මංගල ඡායාරූප ගත් ප්‍රසිද්ධ නළුවාට වෙන්න යන දේ මෙන්න

62141

අලුත විවාපත් යුවළක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට අපහාස වන ආකාරයට මංගල ඡායාරූප ගෙන ඇතැයි මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිසියෙන් වාර්තාවේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාවත් නොදැන මෙම  නව යුවළ දළදා මාලිගාවේ ඉහළ මාලයට පවා පැමිණ ඡායාරූප ගනිමින් සිටියදී එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී වෙනත් බලගතු පාර්ශවයකින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එම කටයුත්ත කරගෙන යාමට ඉඩ සලසා දී තිබෙන බවටද කරුණු අනාවරණය වේ .

මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී එම ඡායාරූප ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පැවසීය .

 

 

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ මංගල ඡායාරූප (ෆ්‍රී ෂූට්) රූගත කළ යුවළගෙන් මහනුවර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිදු කළ දැනුම්දීමකට අනුවයි.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වූ බව සඳහන්.

මේ පිළිබඳව තමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දුන් බවයි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ.

ඒ අනුව අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පියා  (09) පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බෞද්ධ සංවිධාන පෙන්වා දෙන්නේ, මෙවැනි ඡායාරූප ගැනීම හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බවයි.

එමෙන්ම බෞද්ධයින් ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා පැමිණීමට ඉඩ තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද එම සංවිධාන අනතුරු අඟවා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *