BREAKING NEWS
Search

දළදා මාළිගාවේ ෆ්‍රී ෂූට් ෆොටෝ ගත් ප්‍රසිද්ධ නළුවාට වැඩ වරදී. බෞද්ධ සංවිධානවල විරෝධය

1515

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ මංගල ඡායාරූප (ෆ්‍රී ෂූට්) රූගත කළ යුවළගෙන් මහනුවර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිදු කළ දැනුම්දීමකට අනුවයි.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වූ බව සඳහන්.

මේ පිළිබඳව තමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දුන් බවයි, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ.

ඒ අනුව අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පියා අද (09) පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බෞද්ධ සංවිධාන පෙන්වා දෙන්නේ, මෙවැනි ඡායාරූප ගැනීම හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බවයි.

එමෙන්ම බෞද්ධයින් ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා පැමිණීමට ඉඩ තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද එම සංවිධාන අනතුරු අඟවා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *