BREAKING NEWS
Search

වැරදීමකින් අක්මාව ඉවත් කරලා

223

ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

ප්ලීහාව ඉවත් කිරීමේ සැත්කමට ලක් කෙරුණේ 78 හැවිරිදි බ්‍රයන් නමැති රෝගියාය. සැත්කමින් පසු අධික රුධිර වහනයකින් රෝගියා මියගියේය. මරණ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ සැත්කමින් ඉවත් කර ඇත්තේ ප්ලීහාව නොව අක්මාව බවටය.

සැත්කම සිදු කර ඇත්තේ ප්ලීහාව සම්බන්ධයෙන් 18 වසරක පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තෝමස් ෂැකෝනෝව්ස්කී නමැත්තාය.

ප්ලීහාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට ප්ලීහාව හඳුනා ගැනීමට නොහැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වෛද්‍යවරයු සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට සූදානම් බවය.

(එන්.ඩී.ටීවී.)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *