BREAKING NEWS
Search

අමෙරිකාවේ වෙඩිතැබීමක් – 7කට තුවාල

128

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු මරණයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණේ අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට වන අතර පළාගිය වෙඩික්කරු සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

30 හැවිරිදි ජෝශප් කවුච් නම් සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.

ඔහු සන්නද්ධ සහ භයානක අපරාධකරුවෙකු ලෙස හඳුන්වා ඇති අතර ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙසට පොලීසිය අනතුරු අඟවා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *