BREAKING NEWS
Search

අනුරගේ තාත්තා හයක් හැදුවේ නැත්නම් එයා පුංචි අම්මට කතා කරලා කියන්න ඕනේ අපි හය දෙනෙක් හදමු කියලා

280

අනුර කුමාර දිසානායකගේ තාත්තා දරුවෝ හයක් හැදුවේ නැත්නම් එයා පුංචි අම්මට කතා කරලා කියන්න ඕනේ ළමයි හය දෙනෙක් හදමු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බියගම ඊයේ (07) දින පැවැති ජනමුවට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග “අනුර කුමාර දිසානායක මහත්තයලා බොරුම කියලා මිනිස්සු නොමඟ හැරියා. එතුමන්ලා මේ රටේ ඊර්ෂියාව, වෛරය ඇති කළානේ. අනුර කුමාර ඊයේ පෙරේදා කියලා තිබුණා ප්‍රසන්න රණතුංගගේ බෑණා ඉන්නවලු වෝටර්ස් ඒජ් එකේ කියලා. මහ මෝඩ කතා ඒවා. මගේ බෑණා කෙනෙක් නෑ වෝටර්ස් ඒජ් එකේ. බැරිවෙලාවත් ආණ්ඩුවෙන් කාන්තාවන් දෙන්නෙක් ඔය දෙකට දාලා තිබුණා නම් එයා කියයි පුංචි අම්මලා දෙන්නෙක් තියන් හිටියා කියලා. අපේ පවුලේ හය දෙනෙක් ගැන කතා කරනවා. එයා එයාගේ අම්මටයි තාත්තටයි බනින්න ඕනේ දරුවෝ හය දෙනෙක් හැදුවේ නැත්තේ ඇයි කියලා. අපේ තාත්තලා හැදුවා. මට බෑණලා ඒ ගැන කතා කරන එතුමා බලන්න ඕනේ එයාලගේ තාත්තලා හැදුවේ නැත්නම් එයා පුංචි අම්මට කතා කරලා කියන්න ඕනේ අපි හය දෙනෙක් හදමු කියලා. එතුමා මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියා.
hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *