පසුගිය දිනවල එක දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අනුර කුමාර දිසානායක මහතා තරමක අසනීප තත්වයකින් පසුවන බවත් වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතා එක දිනයක විවේකයක් ලබාගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා..
“ඇත්තටම මේ රැස්වීමට මම එන්න හිටියෙ නෑ. මම අද බදුල්ලේ යන්න හිටියෙ, බදුල්ලේ ජනහමු කීපයක් තිබ්බා. නමුත් මම බදුල්ලේ යන එක නවත්තලා මෙතෙන්ට ආවෙ මොකද, අද මෙතෙන්ට අපේ අනුර දිසානායක සහෝදරයාට එන්න වෙන්නෙ නැති නිසා.
කලබල වෙන්න දෙයක් නෙවෙයි. මොකද පහුගිය ටිකේම අනුර සහෝදරයා ගොඩාක් මහන්සි වුණා, නිදිමැරුවා, ඒ නිසා අසනීප වුණා මේ වෛරස් උණ හැදිලා. එහෙම තියෙද්දීත් වැඩ කළා. අද පොඩ්ඩක් වැඩිවෙලා තියෙන්නෙ අසනීප තත්ත්වය.
ඒ නිසා දොස්තර මහත්තුරු අපට තදින්ම ඉල්ලීමක් කළා අනුර සහෝදරයාට විවේකයක් දෙන්න කියලා. එතකොට හෙට ඉඳන් වැඩකරන්න පුළුවන්.
අනුර සහෝදරයා හෙට සිට ආයෙ මේ වැඩේට බහින්න ඕනෙකම තියෙනවා, අද පොඩි විවේකයක් දීලා”
ඊයේ (07) දෙයියන්දරදී පැවති ජන රැලියක් අමතමින්, ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවා.

















