BREAKING NEWS
Search

ගොඩාක් අය හරකාගෙ පින්තූරෙ නැවැත්තුවා කියලා මෙසේජ් කරනවා – දිනක්ෂිගේ නමින් ජයටම කෙරීගෙන යන වැඩක් ගැන දිනක්ෂි හෙළි කරයි

647

ජනප්‍රිය චරිත මුහුණ දෙන අභියෝග අතර, ප්‍රධානම එකක් තමයි ඔවුන්ගේ නම්වලින් කෙරෙන ව්‍යාජ වැඩකටයුතු.

එවන් ඇතැම් වැඩ ගැන සමහර අවස්ථාවලදී ඒ ඒ ජනප්‍රිය චරිත ද නොදන්නා තරම්.

කොහොම නමුත් යම් අවස්ථාවක තමන් ඒ ගැන දැනුවත් වුණොත්, එය ව්‍යාජ වැඩක් බවට සමාජය දැනුවත් කිරීම හරි වටිනවා.

ජනප්‍රිය නිළි දිනක්ෂිගෙ ෆේස්බුක් පිටුවෙත් එවන් දැනුවත් කිරීමක් කරලා තිබුණා.

ඒ ඔවුන්ගේ ඡායාරූප යොදාගෙන මුදල් ලබාදෙන බවට කෙරෙන ව්‍යාජ කටයුත්තක් පිළිබඳව…

”FAKE ALERT ‼️

මේ වගේ බොරු වැඩ වලට අහුවෙන්න තරම් ඔයාලා මෝඩ නෑ කියලා හිතපු නිසයි මෙච්චර කල් post එකක් දැම්මෙ නැත්තෙ…

ඒත් ගොඩාක් අය හරකාගෙ පින්තූරෙ නැවැත්තුවා කියලා messages එවන නිසයි මේක දාන්නෙ…

මේවා ඔක්කොම ඔයාලව පාවිච්චි වෙන එක එක මිනිස්සු කරන හොර ජාවාරම්…කූට වැඩ…

ඒ නිසා හැමෝම මේවට අහුවෙන්න කලින් දෙපාරක් හිතන්න.. පරිස්සමෙන්…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *