BREAKING NEWS
Search

වරද පිළිගත් ජනපති පුතා

168

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව පිළිගෙන තිබේ.

ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බවත් පිළිගත් බව වාර්තා විය.

ඒ අනුව, හන්ටර් බයිඩන් ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතින බවත් දඬුවම් නියම කිරීමේ දී ඔහු වරද පිළිගැනීමත් විශේෂිතව සලකා බැලීමට ඉඩ ඇති බවත් සඳහන් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *