BREAKING NEWS
Search

බිම් බෝම්බයක් පුපුරා පිරිසක් රෝහලට

110

මුලතිව්, මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුදසමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම්බෝම්බයක් පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබ රෝහල්ගත කළ බවට තුනුක්කායි පොලීසිය පැවසීය.

යුදසමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින අදාල රාජ්‍ය නෙවන සංවිධනයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවිකාවන් සිව් දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත.

වලදමා තිබූ බිම්බෝම්බයක් ඉවත් කිරීමට යාමේදී මෙලෙස බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇති අතර බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *