BREAKING NEWS
Search

අපි කිසිම වරදක් කරලා නැහැ. අපි බය නැහැ. අපි තවමත් පවුලක් ලෙස ශක්තිමත් – අමිහිරි මතක එක්ක අංජලී කාලෙකට පස්සේ කියලා තිබුණ කතාව මෙන්න

9689

ඒ සිද්ධියෙන් ඇති වූ කම්පනය නිසා තවමත් ඔවුන් කාලය ගෙවන්නේ විමතියෙන්.. අතුරුගිරියේ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය, අද ඒ හැම දෙයක්ම  අතීතයට එක්වෙලා..

ඒත් තවමත් ඒක ඔවුන්ගේ හදවත්වලට එක්කරන්නේ අමිහිරි වේදනාවක්.. “හැමෝටම මේ කතාව දැන් අමතක වුණත්, අපි තවමත් ගත කරන්නේ ඉතා දුෂ්කර කාලයක්…” ඇය ඒ කතාවට මුලපුරලා තිබුණේ මෙහෙමයි..

අංජලී වගේම රෝස්ගේ ජීවිතය වුණේ ඔවුන්ගේ ආදරණීය අම්මා… ඇයට සිදුවුණු නොසිතූ අනතුරත් එක්ක මේ වෙන ඇගේ තත්වය දැනගන්න ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා.. ඉතින් දැන් කේ. සුජීවා සුවය ලබන ගමන් ඉන්නවා කියලා තමයි ඇගේ දුව අංජලී නම් කියන්නේ…

ඒ එක්කම අංජලී තවත් කතාවක් කියනවා.. මේ වෙච්ච කරදඑඅත් එක්ක ගොඩක්ම ඔවුන් ගැන පැතිර ගියේ අසත්‍ය තොරතුරු.. ඒ විතරක් නෙවෙයි.. ඒ නිසා සමහර වෙලාවට ඔවුන්ට විඳගන්න වුණු දුක් කරදර අපමණයි..

ඉතින් ඒ සියලු දේ ඔවුන් දරාගෙන කාලය ගෙවන්නේ අම්මාව කොහොමහරි සුව කරගන්න ඕන කියන අරමුණ ඇතුවයි.. ඉතින් දැන් ඇය සුවය ලබා නැවතත් ඔවුන් දෙදෙනා ළඟට ඇවිත්..

ඒ ගැන අංජලී කියලා තිබුනේ ගොඩක් සතුටෙන්.. ඒ විතරක් නෙවෙයි, ඒ කතාව එක්ක අංජලී සටහන්ක් වගේම ඡායාරූප පෙළකුත් එකතු කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්…

“අපි කිසිම වරදක් කරලා නැහැ. අපි බය නැහැ. අපි තවමත් පවුලක් ලෙස ශක්තිමත්. මිනිසුන්, ඔවුන්ගේ මානසිකත්වය, සමාජ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය, මිනිසුන් ඕනෑම දෙයක් පවසන ආකාරයත් එක්ක අපි හැම දෙයක්ම තේරුම් ගත්තා.. ඒ නිසා අපි ශක්තිමත්..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *