BREAKING NEWS
Search

‘ඒ පිරිමි ළමයට වයස අවුරුදු 15 ක් විතර ! පවුලෙ අය ඉස්සරහම, ගණන් කොහොමද අහලා කෑගැහුවා.. සුරූපි උර්ෆි ජාවෙඩ්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට

307

‘උර්ෆි ජාවෙඩ්’ කියන නම ඇහුණු හැටියේ ම ඔබට මතක් වෙන්නෙ ‘උර්ෆිගෙ විලාසිතා’ වෙන්න ඕනි.

ප්‍රබල සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියක් වන උර්ෆි, කවුරු අතරත් අතිශය කතාබහට ලක්වෙන්නෙ ඇය කරන විලාසිතා එක්ක.

ඒවා බැලූ බැල්මට ‘විකාර රූපී’ වගේ වුණාට මොකද, උර්ෆිගෙ අනන්‍යතාව තියෙන්නෙ ම ඇය තෝරාගන්නා විලාසිතාවල.

ඒ කොහොම වුණත්, මේ කියන්න යන්නෙ නම් ඇගේ ෆැෂන් ගැන නෙවෙයි.

පහුගිය දවසක උර්ෆි තරමක අපහසුතාවට පත්වෙන අත්දැකීමකට මුහුණ දීලා. ඒ කතාව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණා.

එතන ඇයගේ පවුලේ අයත් ඉඳලා තියෙනවා !

“ඊයේ මට සහ මගේ පවුලේ අයට අතිශයින් අපහසු දෙයක් සිදු වුණා.

පිරිමි ළමයින් පිරිසක් මාව හප්පගෙන යන අතරේ ඒ අසලින් යමින් සිටිය පිරිමි ළමයෙක්, හැමෝම ඉස්සරහා මට ‘ඔබේ ශරීරයේ ගණන් කොහොමද’ කියලා කෑගැහුවා.

පිරිමි ළමයාට වයස අවුරුදු 15 ක් විතර ඇති.

එයා ඒක කළේ මගේ අම්මයි මගේ පවුලේ අයයි ඉස්සරහා !”

ඒත් එක්කම ඇය කියලා තිබුණා,

”ඒ මනුස්සයට පප්පා ඉස්සරහම ගහන්න ඕන.

කරුණාකර ඔබේ පිරිමි ළමයින්ට, කාන්තාවන්ට සහ මිනිසුන්ට ගරු කිරීමට උගන්වන්න.

මට දුකයි කොල්ලගෙ අම්මයි තාත්තයි ගැන….” යනුවෙනුත්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *