අවසන් මොහොතේ රනිල්ට එකතු වූ සුපිරි සෙට් එක

303

රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කර තිබෙනවා.

එමෙන්ම පලනි දිගම්බරන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරු 11 දෙනෙක් ද රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක් සිටියා.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නටරාජා රවිකුමාර්, මහලේකම් යෝගරාජා පිල්ලේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ සහාය පළ කිරීමට එක් වුනා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *