BREAKING NEWS
Search

මාරක අනතුරු කිහිපයක් – කාන්තාවක් ඇතුළු 4ක් මරුට

191

 

‍දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර ප්‍රදේශයේ දී යතුරුපැදියක මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු 68 හැවිරිදි කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මේ අතර කොළඹ – පුත්තලම මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම යාපනය – පරන්තන් මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව සඳහන්ය.

මේ අතර කිලිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ආසන්නයේ තිබූ කාණුවකට වැටීමෙන් සිදුවු අනතුරෙන් පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි තරණිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *