BREAKING NEWS
Search

පොලිස් සැරයන් පැදවූ රථයේ ගැටී කතුන් දෙදෙනෙක් මරුට.. පුංචි පුතා රෝහලේ

205

වෑන් රථයක් යතුරුපැදියක ගැටී අද (04) සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තුන් හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියේ ගමන් කළ 38 සහ 58 හැවිරිදි කාන්තාවන් දෙදෙනා මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් සමග සිටි දරුවා තුවාල ලබා තිබුණි.

ඔවුන් මළුලෑව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

පොලීසිය සඳහන් කළේ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවය.

වෑන් රථයේ රියදුරුට නින්දයෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවී තිබුණේ එප්පාවල පොලිස් වසමේ තලාව කැකිරාව මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේදී ය.

වෑන් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *