BREAKING NEWS
Search

කානුවක් නිසා අවසන් ගමන් ගිය සිගිති පුතු

272

බටපොල පොලිස් වනමේ මහගංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසියට ලද පණිවුඩයක් මත මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 5ක් වූ මහගංගොඩ, අලුත්වල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවාගේ පියා වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර, දරුවා එම වෙළෙඳසැලේ සිට තනිවම නිවසට ගොස් ඇත.

දරුවා නැවත නොපැමිණීම නිසා පියා විසින් සොයාබැලීමේ දී නිවස පිටුපස වගාබිමක් සඳහා සකස් කරන ලද ජලය පිරී ඇති කාණුවක දරුවා දියේ ගිලී සිටිය දී ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *