BREAKING NEWS
Search

හමුදා සාමාජිකයින් ගේ පඩි වැඩි වීම ගැන අවසන් වාර්තාව

191

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවෙයි.

ඒ අනුව, සාමාන්‍ය සෙබළ / සාමාන්‍ය නැවි / ගුවන් භට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් මූලික වැටුප වැඩිවීම සිදු වෙයි.

ලාන්ස් කොප්‍රල් / බලනැවි / නායක ගුවන් භට යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 11,860ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 12,160කින් මූලික වැටුප වැඩිවීම සිදුවේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 12,460කින් ඉහළ නැංවීමට නියමිතය.

කොප්‍රල් / නායකනැවි / කොප්‍රල් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 12,460කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 12,760ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 13,130කින් මූලික වැටුප වැඩිවීම සිදු කෙරේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 13,500කින් ඉහළ නැංවේ.

සැරයන් / සුළු නිලධාරී / සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 13,500කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 13,870ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 14,240කින් වැටුප් වැඩිවීම සිදුවෙයි. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 14,610කින් ඉහළ නැංවෙනු ඇත.

මාණ්ඩලික සැරයන් / ප්‍රධාන සුළු නිලධාරී / බල පන්ති සැරයන් යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 14,240කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 14,610ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 15,105කින් මූලික වැටුප වැඩිවීම සිදු වෙයි. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 15,600කින් ඉහළ නැංවෙනු ඇත.

බලලත් නිලධාරී II / සමුහ ප්‍රධාන සුළු නිලධාරී / බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 16,095කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 16,590ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 17,085කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 17,580කින් ඉහළ නැංවෙයි.

බලලත් නිලධාරී I / පාලක ප්‍රධාන සුළු නිලධාරී / ප්‍රධාන බලලත් නිලධාරී යන තනතුරුවල III ශ්‍රේණියේ වැටුප රුපියල් 19,725කින්, II ශ්‍රේණිය සඳහා රුපියල් 20,385ක් හා I ශ්‍රේණිය සඳහා රුපියල් 21,045කින් මූලික වැටුප වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ මූලික වැටුප රුපියල් 21,705කින් ඉහළ නැංවේ.

කැඩෙට් නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13,500කින් ද, මධ්‍ය නිලධාරී තනතුරෙහි මූලික වැටුප රු. 13, 870කින් ද, 2 වන ලුතිනන් (කැඩෙට්) / පියාසර නිලධාරී (කැඩෙට්) යන තනතුරුවල මූලික වැටුප රු. 19,725කින් ද ඉහළ නංවා තිබේ.

2 වන ලුතිනන් (කැඩෙට් නොවන) / පියාසර නිලධාරී (කැඩෙට් නොවන) යන තනතුරුවල මූලික වැටුප රු. 23,025කින් ඉහළ නැංවේ.

ලුතිනන් / උප ලුතිනන් / පියාසර නිලධාරී වන තනතුරුවල මූලික වැටුප රු. 28,855කින්ද, උපකරණ පාලක තනතුර සඳහා වන මූලික වැටුප රු. 30,220කින් ද, කපිතාන් / ලුතිනන් / පියාසර ලුතිනන් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 37,045කින් ද ඉහළ නැංවේ.

මේජර් / ලුතිනන් කමාන්ඩර් / ස්කොඩ්‍රන් ලීඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 42,505කින් ඉහළ නැංවේ.

ලුතිනන් කර්නල් / කමාන්ඩර් / වින්ග් කමාන්ඩර් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 44,175කින් ඉහළ නැංවේ.

කර්නල් / කපිතාන් / ගෘප් කැප්ටන් යන තනතුරු සඳහා මූලික වැටුප රු. 58,095කින් ඉහළ නැංවේ.

බ්‍රිගේඩියර් / කොමදෝරු / එයාර් කොමදෝරු යන තනතුරු සඳහා මූලික වැටුප රු. 62,555කින් ඉහළ නැංවේ.

මේජර් ජනරාල් / රියර් අද්මිරාල් / එයාර් වයිස් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රුපියල් 71,000කින් ඉහළ නැංවේ.

ලුතිනන් ජනරාල් / වයිස් අද්මිරාල් / එයාර් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 76,300කින් ඉහළ නැංවේ.

ජනරාල් / අද්මිරාල් / එයාර් චීෆ් මාර්ෂල් යන තනතුරු සඳහා වන මූලික වැටුප රු. 84,700කින් ඉහළ නැංවේ.

මීට අදාළ විස්තර ඇතුළත් ලේඛනය පහතින් දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *