BREAKING NEWS
Search

පැරාලිම්පික් උළෙලේ දී ලංකාව බැබලවූ සමිත දුලාන්

172

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.

ඒ F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනි.

සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.

මෙම තරගයේ දී ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියාව  ලෝකඩ පදක්කම හිමිකරනු ලැබීය.

සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී එෆ් 44 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් වුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *