BREAKING NEWS
Search

යුධ හමුදා සෙබලෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි

299

බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය තුල මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව තලංගම පොලිසිය පවසනවා.

මෙම සෙබළා තවත් සෙබළුන් දෙදෙනෙකු සමග යුද හමුදා මූලස්ථානය තුළ ආරක්ෂක කුටියක රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරී ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් වරයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *