BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා සම්බන්ධව ලැබුණු අලුත්ම තොරතුර

253

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

ඉකුත් 29 වනදා උදෑසන අමල් සිල්වා අත්අඩංගුවට ගත් අතර පසුව රඳවාගෙන ප්‍රශ්න කෙරුණි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ ඉකුත් 28 වනදා රාත්‍රියේදීය.

පොලීසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *