BREAKING NEWS
Search

එකවරම වහලයකින් මළ සිරුරක් මතු වෙයි

136

කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ වසා දමා තිබූ කඩ කාමරයක කොන්ක්‍රීට් වහලය මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි, කැකිරාව පොලිසිය සඳහන් කළේ.

මරණකරු 44 හැවිරිදි පුද්ගලයෙක් වන බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සඳහන්.

ඔහු මිය ගොස් දින කිහිපයක් ගත වී ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *