මලයාලම් සිනමාවේ සිදුවන ලිංගික හිංසනයන් සම්බන්ධව සොයා බැලෙන හේමා කමිටු වාර්තාව එළියට ආ පසු බොහෝමයක් රහසක්ව තිබූ සිදුවීම් මේවන විට එළියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇයගේ වෘත්තීය ජීවිතයේ මුල් වසරවලදී අනිසි ලෙස සැලකීම සහ සූරාකෑම පිළිබඳ ඇය හෙළි කර තිබුණා.
ඒ අනුව මලයාලම් නලු ජයසූර්‍යා හට දෙවැනි වතාවටත් එෆ්අයිආර් ගොනු කර තිබෙනවා.
මේ අතරම ඇයට අනිසි බලපෑම් සහ යෝජනා සිදු කළ බොහෝමයක් නළුවන්ගේ නම් හෙළි කරන්නටද පසුබට වී තිබුණේ නැහැ.
ඒ අනුව මුකේෂ් , මනියන්පිල්ල රාජු වැනි අය සම්බන්ධව ඇය ෆේස්බුක් සටහනක්ද තබා තිබුණා.
“මුකේෂ්, මනියන්පිල්ල රාජු, ඉදවෙල බාබු, ජය සූර්‍යා, අධිනීතිඥ චන්ද්‍රසේකරන්, නිෂ්පාදන පාලක නෝබල් සහ විචු අතින් මා වින්ද ශාරීරික හා වාචික හිංසනයන් මාලාවක් වාර්තා කිරීමට මම ලියන්නෙමි” යනුවෙන් මුනීර් මහත්මිය සිය ෆේස්බුක් පිටුවේ සටහනක තබා තිබුණා.
මේ අතරම මලයාලම් නළු ජය සූර්‍යා ඇයට රූගත කිරීම් කරන ස්ථානයකදී සිදුකළ අකටයුත්තක් සම්බන්ධවද හෙළි කිරීමක්ද සිදු කර තිබුණා.
“වරක් මම වැසිකිලියෙන් එළියට එනවිට ජය සූර්‍යා මාව පිටුපසින් බදාගෙන බලහත්කාරයෙන් සිප ගත්තා.. ඊට පස්සේ ඉදවෙල බාබු මාත් එක්ක ලිංගික සම්බන්ධකම් වලට කැමැත්ත පළ කළා” ඇය යනුවෙන් පවසා තිබෙනවා.




















