BREAKING NEWS
Search

රුපි­යල් 4000ක සහ­නා­ධා­ර­යක්

407
මේ කියන්න යන්නේ ඔබ මග බලා සිටි පණිවිඩයක්..

අස්වැන්න සාරවත් කරගන්න වගේම ඉහළ ආදායමක් ලබාගන්නත් මේ දේවල් ඔබට අත්‍යාවශ්‍ය වේවි..

රබර් වගා­ක­රු­ව­න්ටත් රුපි­යල් 4000ක පොහොර සහ­නා­ධා­ර­යක් ලබාදීමට රජය තීර­ණය කර තිබෙනවා.. කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර පවසන්නේ මෙරට රබර් වගා­වෙන් වැඩි අස්වැ­න්නක් ලබා ගැනීම අර­මුණු කර ගනි­මින් රජය මෙම සහ­නා­ධා­රය ලබා දෙන බවයි..

ඒ අනුව එම පොහොර සහ­නා­ධා­රය මෙම සතියේ සිටම ලබාදීමට පිය­වර ගෙන තිබෙනවා.. මෙරට රබර් වගා­වට වසර ගණ­නා­වක් තුළ පොහොර දැමී­මක් සිදු කර නැති බවට ශ්‍රී ලංකා රබර් පර්යේ­ෂ­ණා­ය­ත­නය මඟින් කරුණු පෙන්වා දී තිබෙනවා..

ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇති අතර, මෙම කරුණු සැල­කි­ල්ලට ගනි­මින් රබර් වගාව සඳහා යොදන කිලෝ­ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපි­යල් 9,500 සිට රුපි­යල් 5,500ක් දක්වා මිල අඩු කිරී­මට පිය­වර ගන්නා ලෙස කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අම­ර­වීර රාජ්‍ය පොහොර සමා­ගමේ සභා­පති ආචාර්ය ජගත් පෙරේරාට උප­දෙස් දී තිබුණා…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *