තම මව සමග විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සැකකරුගේ මව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය පොලිස් වසමේ පදිංචි පුතෙක් සහ මවකි.
වින්දිත දැරිය තම මව සමග ඇති කරගත් බහින්බස්වීමකින් අනතුරුව නිවසින් පිටව ගොස් පෙම්වතාගේ නිවසට ගොස් ඇති බව පොලිසිය කියයි. එම මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර රාජාංගනය ප්‍රදේශයට ගොස් දැරිය තම භාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමේදී මෙම අපයෝජනය සිද්ධිය අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ උපදෙස් මත ළමා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතූ



















