BREAKING NEWS
Search

චමුදිත ඝාතන තැතක් – වීඩියෝ පටයක් මගින් කර තිබූ හෙළිදරව්වක්

280

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සන්නද්ධ පාතාල කල්ලියක් විසින් තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලිසිය වෙත ඊයේ (23දා) පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේය.

නාමල් කුමාර නමැත්තා විසින් වීඩියෝ පටයක් මගින් කර තිබූ හෙළිදරව්වකට අනුව සමරවික්‍රම මහතා මෙම පැමිණිල්ල කර ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල කල්ලියක් විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීමට සැලසුමක් සකස් කර තිබෙන බවට තොරතුරු තමාට ලැබුණු බව කියමින් නාමල් කුමාර යන අය මෙම වීඩියෝ හඬපටය සමාජ ජාලා වෙබ් අඩවි වෙත මුදාහැර තිබිණි.

මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලලිත් පතිනායක මහතා වෙත දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඒ මහතා නියෝග කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ඊයේ දහවල් පිළියන්දල පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සැලසුම් කළ බවට පුවතක් මෙම නාමල් කුමාර නමැත්තා මීට ඉහතදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *