BREAKING NEWS
Search

පාපැදියේ ගැටී යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි – තවත් තිදෙනෙක්ට බරපතලයි

122

යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකුට බරපතළ තුවලා සිදුවී තිබේ.

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බලප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 23ක තරුණයෙකි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ මෙන්ම පාපැදියේද දෙදෙනෙකු සිට තිබේ.

තුවාලකරුවන් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර අසාද්‍ය තත්ත්වයෙන් පසුවූ පාපැදියේ ගමන් කළ දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කෙරුණි.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *