BREAKING NEWS
Search

ගතවූයේ මිනිත්තු 90යි.. එතෙක් මෙතෙක් ලොව බිහිවූ වේගවත්ම වාර්තාව රොනාල්ඩෝට..

468
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ඇසෙන අලුත්ම කතාවක් තමයි මේ කියන්න යන්නේ..

ඔහු විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් පරිශීලනය කර තිබෙනවා…

ඒ අනුව රොනාල්ඩෝට එවැනි කාලයක් තුළ පරිශීලකයින් මෙපමණ ප්‍රමාණයක් ළඟා වූ වේගවත්ම යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව හිමිවනවා..

“UR.Cristiano” නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පළමු මිනිත්තු 90 ඇතුළත මෙම කඩයිම් පසු කර ඇති අතර, මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ක් ඉක්මවා තිබෙනවා..

මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර යූටියුබ් නාලිකාවයි…

මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුණා..

ඉතින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් රොනාල්ඩෝට සුබපතා තිබුණා.. 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *