BREAKING NEWS
Search

ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි -අද දවස ඔබට කොහොම ද? දැනගන්න ඔබත් බලන්න

263

22.08.2024 බ්‍රහස්පතින්දා

අද – 01.34 සිට 03.04 දක්වා

හෙට – 10.34 සිට 12.04 දක්වා

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දරයි. දුරගමන් බිමන්ද යෙදෙන අතර විනෝදජනක ක්‍රියාවන් මහජන සබඳතාවන් ආදි ක්‍රියාවන් යෙදේ. වැයපසද ඉහළ යයි. ආගමික උත්සව වතාවත්වලද යෙදේ. සිරසගත රෝග නහර ආබාධ දේ.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 01

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලදී ප්‍රසාදයට පත්වන අතර සෘජුව ක්‍රියාකරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලටද හේතු ගෙනදෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 06

මිථුන

ගමන් බිමන් බහුල දිනකි. සමිති සමාගම්, හජන රැස්වීම් ආදියට සහභාගිවීමේ අවස්ථා යෙදේ. බලාපොරාත්තු නොවන ලෙස බාධා මතුවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. අමතර ලාභ ගෙනදෙයි. මූලරෝග, භගන්දරා රෝග මතුවෙයි.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 09

කටක

ක්‍රියාශීලි දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. අවිවේකි දිනකි. තරමක් අතපසුවීම් වලටද හේතුයි. සෙම් කෝප රෝගද මතු කරයි.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 04

වෘෂභ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. මහජන රැලි, මහජන සබඳතා ඇතිවන දිනකි. නවක බැඳීම් ඇති කරයි. විනෝදජනක ක්‍රියාවන් යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 01

කන්‍යා

ක්‍රියාශීලි දිනකි. ප්‍රීති උත්සවසාද යෙදේ. සභාවේ දිනයි. නවක සබඳතා ඇතිවෙයි. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්ද යෙදේ. සතුරන් ධමනය වෙයි. හදිසි ධනලාභ සම්පත් මතු කරයි. පාද ආබාධ පීඩා මතු කරන දිනකි.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 05

තුලා

තරමක් ගමන් බිමන් බහුලයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් මනස චංචල වෙයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි වෙනසක් දැකගත හැක. අභ්‍යන්තර ඉන්ද්‍රියන් හි රෝග මතුවේ.

ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 07

වෘශ්චික

ක්‍රියාකාරී දිනකි. ප්‍රීති උත්සව මංගල සාද වැනි දේ යෙදෙන අතර, විනෝද ජනක ක්‍රියාවන් යෙදේ. මහජන සම්බන්ධතාවන් වර්ධනය වෙයි. නවක සබඳතා ඇතිවෙයි. නව නිර්මාණ කරණයට හේතුයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි.

ශුභ වර්ණය – දුඹුරු/ ජය අංකය – 08

ධනු

වන්දනාගමන් විනෝදගමන් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියාකරයි. ආගමික වතාවත් පුද පූජාවල නිරත වෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. ස්නායු රෝග ඉදිමුම් රෝග මතුවේ.

ශුභ වර්ණය – ළා රෝස/ ජය අංකය – 03

මකර

දාන ශිලාදි ක්‍රියාවන්වල යෙදෙන තරමක් තැන්පත් ලෙසින් ක්‍රියාකරන දිනකි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ස්නායු රෝග ඉදිමුම් රෝග මතුවේ.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 02

කුම්භ

ආගමික උත්සව සංවිධානයට එවැනි දේවලට සහභාගිවීමට හේතුයි. තරමක් වැය පසද ඉහළ යයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියාවන්හි යෙදේ. පරිත්‍යාගශීලි දිනකි. මුත්‍රා ආසාදන රෝග මතුවන දිනකි.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 07

මීන

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන අතර තම නිවස උත්සව ශ්‍රියාවක් ගෙනදෙයි. ආගමික පුද පූජා වතාවත් මුල්කර ක්‍රියාකරන දිනකි. අමතර ලාභ දෙයි. වාතාධික රෝග උෂ්ණ රෝග මතුවෙයි.

ශුභ වර්ණය – ළා කොළ/ ජය අංකය – 05




Leave a Reply

Your email address will not be published. Required fields are marked *