BREAKING NEWS
Search

කම්කරුවෙක් පෙරපාසැල් දැරියන් දෙදෙනා අපහරණය කල නිසා දෙමව්පියන් සහ ගම්වාසින් කුපිත වෙයි. දුම්රිය ගමනත් අඩාල වෙයි. වීඩියෝ මෙන්න

242

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වුණි.

අවුරුදු 3ක් සහ 4ක් වන මේ දැරියන් දෙදෙනා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙකි.

අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනාගෙන් අයෙක් ඒ සම්බන්ධව තම දෙමාපියන්ට දන්වා ඇති අතර, ඉන් කෝපයට පත් දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට පැමිණ ඊට හානි කර තිබුණි.

ප්‍රකෝපකාරී පිරිස් මැඬලීමට පොලිසිය මැදිහත්වූයේ ඔවුන් බද්ලාපූර් දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි කටයුතුවලට බාධාකිරීමත් සමගිනි.

විරෝධතා මර්දනය කර දුම්රිය සේවා යථාවත් කිරීමට පසුව පොලීසිය සමත්ව තිබුණි.

සිද්ධියේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහි නීතිමය කටයුතු සිදුකරන බව ඉන් පසුව පොලීසිය තහවුරු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *