BREAKING NEWS
Search

වන්දිය ලක්ෂයයි.. ලැබෙන්නේ මෙන්න මේ අයට…

395
මේ කියන්න යන්නේ මේ තරම් කාලයක් පීඩාවට පත්වෙලා ඉන්න ඔයාට ලැබෙන්න යන සහනයක් ගැනයි..

වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා..

ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ..

නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති..

අදාළ වගා හානි වන්දි ලබා දීමේ දී ගොවි ජනතාවගෙන් කිසිදු දායකත්ව මුදලක් අය නොකෙරෙන අතර වී, බඩඉරිඟු‍, මිරිස්, ලූණු, සෝයා බෝංචි සහ අර්තාපල් යන බෝග වර්ග හය ආවරණය වන පරිදි වන්දි ගෙවනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *