Search

මුදල් ආරවුලකට මුළු පවුලෙන්ම පලි අරගෙන

196

නැන්දම්මාව ඝාතනය කර  බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) සවස් කාලයේ දී ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මුදල් ආරවුලක් මත සැකකරු බිරිඳ හා බිරිඳගේ මව සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ.

පසුව බිරිඳගේ මවට ගලකින් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇති අතර, තුවාලකාරියව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

බිරිඳ සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි ද පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලපිටමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *