BREAKING NEWS
Search

සුඛෝපභෝගී බස් සේවය නවත්වයි

5514

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා.

එම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ් කොට දින 4කට පසුවයි මෙසේ තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇත්තේ.

මෙම බස් රථ සේවය ආරමභ කළ පසුව පාර්ෂව කිහිපයක් ඊට විරෝධය පළකර තිබුණා.

ඒ අතර ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය පෙරමුණ ගෙන සිටියා.

පසුව ඔවුන් බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමටද පියවර ගත් බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසන්නේ.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද එක්ව සිටියා.

මේ අතර ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයට සහ මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ප්‍රකාශ කර තිබුණා.

මේ කරුණු මත සුඛෝපභෝගී බස් රථ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *