BREAKING NEWS
Search

ජනපති සටන ගැන නාමල්ගෙන් හෙලිදරව්වක්

125

ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දීයි.

අදාළ රැළිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවයි.

බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බවයි, අවධාරණය කළේ.

වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සදහා පිටපළාත්වල බස්වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *