BREAKING NEWS
Search

බේරගන්න මම බයික් එක අදිද්දිම බයික් එක ගන්න බැරිවුණා. ඔළුව උඩින්ම ගියා…- වැලිගම්පිටිය කැලබු යතුරු පැදි අනතුරේ ඔබ නොදත් කතාව – වීඩියෝව මෙන්න

718

අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය දෙස සිට කොළඹ – මීගමුව මාර්ගය දෙසට ගමන් කරමින් සිටිය දී වැලිගම්පිටිය හංදිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ.

එහිදී පැදිකරුවන් අණ නොතකා ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කර ඇති අතර, පිටුපස අංක තහඩුව නොමැතිව ගමන්ගත් යතුරුපැදිය මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් පසුව සෙසු පැදිකරුවන් පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

කෙසේවෙතත් අනතුරට මුහුණදුන් පසුපැදිකරුවෙක් “අද දෙරණට” කියා සිටියේ මෙවැන්නකි.

“අපි බයික් එකේ තුන්දෙනා ආවේ. තුන්දෙනා එද්දි පොලීසියේ මහත්තයෙක් තව දෙන්නෙක් එක්ක සිවිල්පිට බයික් එකකින් ඇවිල්ලා නවත්තන්න කිව්වා. හැප්පුන කොල්ලා නැවැත්තුවේ නෑ. අපිත් කිව්වා ඌ නැවැත්තුවේ නෑ. ඔතන හිටියා යුනිෆෝම් එකෙන් මහත්තයෙක් හිටියා එයාට නවත්තන්න කිව්වා. එයාට නවත්තන්න බැරි නිසා එයා පයින් ගැහුවා. ගහලා මෙතෙනට එද්දි බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව ගියා. පොලීසියේ මහත්තයා ඇඟට කැපුවා එකපාරටම. එතකොටම කන්ට්‍රේනර් එකක් ආවා. එක කොල්ලෙක් බැහැලා දිව්වා වැටෙද්දිම. මුව බේරගන්න මම බයික් එක අදිද්දිම බයික් එක ගන්න බැරිවුණා. ඔළුව උඩින්ම ගියා…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *