මාවනැල්ල ප්‍රදේශයේදී විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවැසියන් ගෙදර සිටි සුනඛයා උසිගන්වා පසුව වරෙන්තුකරුවන් විසින් කොස්තාපල්වරයකුගේ අත සපා කා අත්අඩංගුවෙන් මිදී පලා යාම සම්බන්ධයෙන් කාන්තාවක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 25 ක් වන පුද්ගලයකු සහ අවුරුදු 23 ක කාන්තාවක බව පොලිසිය පවසයි.
සුනඛයා සපා කෑම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මාවනැල්ල රෝහලෙන් පිටව ගොස් ඇති අතර කොස්තාපල්වරයා නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා සතකු පිළිබදව නොසැලකිළිමත්වීම යන චෝදනා සම්බන්ධයෙන් එම නිවෙසේ සිටි කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
පලාගිය වරෙන්තුකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිසිය පවසයි.
මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




















